27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගේ විදෙස් ගමන් තහනම අධිකරණය ඉවතලයි

බැසිල්ගේ විදෙස් ගමන් තහනම අධිකරණය ඉවතලයි

මහ බැංකු බැඳුම්කර සිද්ධියකට අදාළව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න විසින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතාද මෙම බැඳුම්කර සිද්ධියට අදාළව සාක්ෂි කරුවන් වශයෙන් නම් කර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව රුපියල් බිලියන 500ක මුදලක් ගෙවන ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය සම්බන්ධයෙන් සලකා බැලීම ලබන මැයි මස 02 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණ අද (18) තීරණය කළේය.

හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.