27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් රටවල් 05කින් ලංකාවේ ආහාර හිඟයට විසඳුම් ඉල්ලයි

රනිල් රටවල් 05කින් ලංකාවේ ආහාර හිඟයට විසඳුම් ඉල්ලයි

ලංකාව මුහුණ දී ඇති බරපතල ආහාර අර්බුදයට පිළෛයමක් ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය, චීනය සහ ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ඉහත රටවල් පහේ නියෝජිතයන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇත්තේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණෙන්නේ නම් ලංකාවට උපකාර කිරීම පහසු වන බවයි.

ඉදිරියේදී මීටත් වඩා දරුණු ආහාර අර්බුදයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම රටවල් හිටපු අග්‍රාමාත්‍වරයාට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලංකාවට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලමින් සිටින බව ඉහත රටවල් රනිල් වික්‍රමසිංහට පවසා තිබේ.