27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සාකච්ඡා අද ඇරඹේ

IMF සාකච්ඡා අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අද (18) අමෙරිකාවේ වොෂිංටන්හිදී ආරම්භ වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පළමු වටයේ සාකච්ඡා අද සිට ලබන 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මුදල් අමාත්‍යංශය පැවසුවේ පසුගිය සතියේ සිට දින 06කට ආසන්න කාලයක් online ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ තාක්ෂණික මටට්මේ සාකච්ඡා පැවැත්වූ බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන යන මහත්වරුන් ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මුදල් අමාත්‍ය අලි සබ්රි පසුගියදා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඩොලර් බිලියන 04ක ආධාර ලබා ගැනීම සඳහා අද සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බවයි.