31.7 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLIOC ඉන්ධන මිල යළි ඉහළට

LIOC ඉන්ධන මිල යළි ඉහළට

ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ නංවා තිබේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ ගොස් ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ නව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338 දක්වා ඉහළ ගොස් ඇථ.

එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 367ක් ලෙස ඉහළ ගොස් තිබේ. යුරෝ ත්‍රී පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 347ක් ලෙස ඉහළ ගොස් ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 289ක් ලෙස දැක්වෙයි.

පසුගිය මාර්තු මාසයෙන් පසුව අයි.ඕ.සී. සමාගම මෙලෙස මිල ගණන් ඉහළ නැංවූ තුන්වන අවස්ථාව මෙයයි.