27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොත්තු, රයිස් මිල 20%කින් ඉහළට

කොත්තු, රයිස් මිල 20%කින් ඉහළට

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපන හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

“ඉන්ධන මිල වැඩි වීමත් එක්ක සියල්ල වැඩිවෙලා. මේ නිසා සියලුම ආහාර භෝග 20 %න් වැඩි කරනවා. පාරිභෝගිකයාත් ආපනශාලාවත් රැක ගන්න තමයි මෙහෙම කරන්නේ.

කෙටි කෑම නෙවෙයි රයිස්, කොත්තු, බත් තමයි වැඩිවෙන්නේ. ගෑස් වැඩිවෙලා. 600ට තිබුණු මිරිස් කිලෝ එක 1600 වෙලා. ඉන්ධන මිල වැඩි වීම එක්ක සියල්ල වැඩිවෙනවා.

කලුකඩ මාෆියාවක් තියෙනවා ඒකයි කෑම මිල වැඩිවෙන්නේ. එකම පරිප්පු මිටියේ ඊයේ එක මිලක් අද එක මිලක්. අපි හෙට පාරිභෝගික අධිකාරියට එනවා. ව්‍යාපාරිකයින්ට ඇතිවෙන්න භාණ්ඩ ගේන්න අවස්ථාව දුන්නා.. ඔවුන් බඩු ගෙනල්ලා හංගනවා.

අවුරුද්දට කලින් තිබුනු මිරිස් මිල නෙවෙයි දැන් තියෙන්නේ. විල්මා සීනි වංචා කළා.
බී ලූනු හිතපු ගමන් වැඩිවෙනවා. පාරිභෝගික අධිකාරිය බම්බු ගහනවා. කෙටි කෑම, රෝල්ස්, පරාටා මිල ඉහළ යන්නේ නෑ.

පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තමයි මිල 20% දාන්නේ. නැත්නම් හිතූ හිතූ ගානට වැඩිකරනවා.”