28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පොලීසියෙන් හදිසි කැඳවීමක්

ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පොලීසියෙන් හදිසි කැඳවීමක්

අඛණ්ඩව දින 11ක් පුරා කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ නිරත වන අරගලකරුවන් පිරිසකට හෙට (20) උදෑසන 9.30ට කොළඹ කොටුව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.

පොලිසිය හමුවේ පෙනී සිටීමට කිසිදු සාධාරණ හේතුවක් ඉදිරිපත්කර නොමැති බවත්
මේ සම්බන්ධයෙන් ඔවුන් සිය නීතිඥයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කිරීමට තීරණය කළ බවත් අරගලයේ නිරත වෙමින් සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරකරුවෙකු පැවසීය.

මෙම කණ්ඩායම මානව හිමිකම් කොමිසම වෙත ගියද එම අවස්ථාවේදී කාර්යාලය වසා දමා තිබීම නිසා ඔවුන් නැවතත් අරගල භූමියේ පිහිටුවා ඇති නීති උපදෙස් කාර්යාලයට පැමිණ එහි සිටින නීතිඥයින් හමු වී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනා බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.