― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති ආර්යාවගේ වත්කම් මෙන්න? - FBI එකට පැමිණිල්ලක්

ජනපති ආර්යාවගේ වත්කම් මෙන්න? – FBI එකට පැමිණිල්ලක්

බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ සහ ජනාදිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මැතිණිය ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සොරකම් කළ මුදලින් ඇමරිකා එක්සත් ජනපදයේ වත්කම් උපයාගෙන ඇති බවට බවට පුවතක් වාර්තා වනවා…

ඔවුන්ගේ භාර්යාවන් එවැනි අත්පත් කර ගැනීම් සාධාරණීකරණය කිරීමට ස්ථිර ආදායමක් නොලබන බැවින් ඒ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලමින් ඇමරිකාවේ FBI ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අප විසින් ඇමරිකාවේ FBI ආයතනයට (Federal Bureau of Investigation) පසුගිය දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
අධ්‍යක්ෂක,
FBI මූලස්ථානය,
වොෂින්ටන්, ඩී.සී.
නීතිවිරෝධී ලෙස ධනය සහ වත්කම් අත්පත් කර ගැනීම් පිළිබඳ පැමිණිලි කිරීම
අධ්‍යක්ෂකතුමනි,
ශ්‍රී ලංකාවේ කළු තොප්පි (Black Cap Movement) සමාජ ව්‍යාපාරය ලෙස අපට, ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි පුෂ්පා රාජපක්ෂ (මෑතකාලීනව ශ්‍රී ලංකාවේ හිටපු මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂගේ බිරිඳ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ නෑනණ්ඩිය) ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සොරකම් කළ මුදලින් ඇමරිකා එක්සත් ජනපදයේ වත්කම් උපයාගෙන ඇති බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇත. අප දන්නා පරිදි බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔවුන්ගේ භාර්යාවන් (වත්කම්වල හිමිකරුවන්) එවැනි අත්පත් කර ගැනීම් සාධාරණීකරණය කිරීමට ස්ථිර ආදායමක් නොලබන බැවින්, ඒ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස අපි ඔබේ කීර්තිමත් සංවිධානයෙන් ඉල්ලා සිටිමු.
පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය සහ අයෝමා රාජපක්‍ෂ මහත්මිය විසින් මෑතක දී සිදු කරන ලද අත්පත් කර ගැනීම් ලැයිස්තුව මෙසේය.
(1) අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය ඇමරිකාවේ සුඛෝපභෝගී නිවාස 04 ක් ලබාගෙන ඇති අතර එහි ලිපිනයන් පහත පරිදිය.

  1. 5581 Homecoming, Mira Loma, CA 91752
  2. 15067 Preston Dr, Fontana, CA 92336
  3. 222 Dexter St, Covina, CA 91723
  4. 15067 Preston Dr, Fontana, CA 92336.
    (2) විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් මිලදී ගත් නිවාස වල ලිපිනයන්:
  5. 1341 Wickham Ct, San Dimas, CA 91773
  6. 303 S Cataract Ave, San Dimas, CA 91773.
    අධ්‍යක්ෂතුමනි, අපට දැනගන්නට ලැබෙන පරිදි 2007 වන විට පුෂ්පා රාජපක්ෂ මහත්මියට සහ අයෝමා රාජපක්ෂ මහත්මියට නිවාස දෙකක් හිමිව තිබූ අතර, ඒවා වත්මන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ විගස මිලදී ගත් බව පෙනේ. එම නිවාස දෙකේ වටිනාකම පහත පරිදි තක්සේරු කොට ඇත:
  7. පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ නිවස ඇමෙරිකානු ඩොලර් මිලියන 24.5 ක් ලෙස ගණන් බලා ඇත.
  8. සැන් ඩිමාස් හි පිහිටි අයෝමා රාජපක්ෂ මහත්මියගේ නිවසේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5 කි.
    අධ්‍යක්ෂකතුමනි,
    ශ්‍රී ලංකාවේ කළු තොප්පි සමාජ ව්‍යාපාරය ලෙස අපට දැනගන්නට ලැබුණේ පුෂ්පා රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ යන අය සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම, වර්තමානයේ ඔවුන් දරන ඉහළ තනතුරුවලට පත් වීමට පෙර 2005 සිට 2015 දක්වා ඇමරිකාවේ ලිපිකරු මට්ටමේ අවිධිමත් රැකියාවල නිරත වූ බවයි. එබැවින් 2005 දී ඔවුන්ගේ සහෝදරයා සහ මස්සිනා ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ විගස ඔවුන් විසින්ම ඉහත නිවාස දෙක මිලදී ගත්තේ කෙසේද යන ප්‍රශ්නය මතු කරයි.
    මෙම පරිවේශනීය සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම මුදල් ඉහත කී පුද්ගලයන් තම සහෝදරයාට සහ මස්සිනාට තිබූ තිබූ දේශපාලන බලය මත ශ්‍රී ලංකාවේ නීති විරෝධී ක්‍රියාවල යෙදී උපයා ගත් වත්කම් බවයි. (2005 සිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස බැසිල් රාජපක්ෂ, පත් විය)
    අධ්‍යක්ෂකතුමනි,
    2005 වසරට පෙර, ශ්‍රී ලංකාවේ එවකට පැවති නීතිය යටතේ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා රජයේ විධායක නිලධාරීන්ට ඔවුන්ගේ වත්කම් වාර්ෂිකව හෙළි කිරීමට සිදු විය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2007 දී එම නීතිය සංශෝධන කොට, ද්විත්ව පුරවැසියන්ට වෙනත් රටවල ඔවුන් සතුව ඇති වත්කම් හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙමින් මෙම වැරදිකරුවන්ට ඔවුන්ගේ විදේශ වත්කම් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සැඟවීමට මග පෑදීය.
    එබැවින්, ඔබගේ කීර්තිමත් සංවිධානය මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ශ්‍රී ලංකාවේ මිලියන 22 කට යුක්තිය ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

බෙහෙවින්ම ස්තූතියි!

Director,
FBI Headquarters
Washington, D.C.
Complain on Unlawful acquisitions of wealth and assets.
Dear Director,
We as the black Cap movement of Sri Lanka have received credible information that the USA citizen Mrs. Pushpa Rajapaksa (wife to recently resigned Finance minister of Sri Lanka Mr. Basil Rajapaksa and sister in law to the President of Sri Lanka Mr. Gotabhaya Rajapaksa and the to the Prim Minister of Sri Lanka Mr. Mahinda Rajapakse, and Mrs. Ayoma Rajapaksa (currently the First Lady of Sri Lanka) Has acquired assets in USA with the stolen money from the people of Sri Lanka. As we are aware that Minister Mr. Basil Rajapaksa and President Mr. Gotabhaya Rajapaksa does not a-firm an income to justify the such acquisitions nor their wives (owners of the assets), Thus we herein request your prestigious organization to conduct an impartial inquiry and bring culprits to the justice.
The list of recent acquisitions of Mrs. Pushpa Rajapaksa Mrs. Ayoma Rajapaksa is as follows:
1/ Mrs. Pushpa Rajapaksa, the wife of Minister Basil Rajapaksa has acquired 04 luxury villas in USA and the addresses as follow:
(1) 5581 Homecoming, Mira Loma, CA 91752
(2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723
(4) 15067 Preston Dr, Fontana, CA 92336.
2/ Mrs. Ayoma Rajapaksa, the wife of Executive President Gotabhaya Rajapaksa
1/ 1341 Wickham Ct, San Dimas, CA 91773
2/ 303 S Cataract Ave, San Dimas, CA 91773.
Mr. Director, as we learn that By 2007 Mrs. Pushpa Rajapaksa and Mrs. Ayoma Rajapaksa owned two houses, which were apparently bought soon after their respective Brother in law then the President of Sri Lanka and The present Prim Minister of Sri Lanka Mr. Mahinda Rajapakse, and the said value of those two houses were valued at :
1/ Mrs. Pushpa Rajapaksa’s house was estimated as US$ 24.5 million.
2/ Mrs. Ayoma Rajapaksa house in San Dimas was valued at US$ 17.5 million.
Mr. Director,
As the black cap movement of Sri Lanka we learned that both Mrs Pushpa and Ayona rajapakses and their Husbands Mr. Basil and Gotabaya Rajapakse were employed at clerical level irregular jobs in USA )prior to their top posts which they held from year 2005 to 2015) hence which raises the question as to how they themselves bought the above two houses soon after their Brother and brother in law became the President of Sri Lanka in 2005?
This circumstantial evidence suggest that these money were earned by the said gentlemen and women by engaging in unlawful acts in Sri Lanka due to the political power their Brother and Brother in law had and their husbands had (From 2005 Mr. Gotabaya Rajapakse was appointed as the Secretary to the Ministry of Defence Sri Lanka and Mr. Basil Rajapakse was a Senior Advisor to the President and the follower as the Minister of Economic affairs)
Mr. Director,
Prior to year 2005, Under the then law in Sri Lanka, the Parliamentarians of Sri Lanka and executive officials of the government of Sri Lanka had to reveal their assets annually. However, the former President Mahinda Rajapaksa amended the law in 2007, which stated duel citizens need not to reveal their assets in the other countries they posses, thus paving these culprits to hide their Foriegn assets from the eyes of people in Sri Lanka.
We expects that your prestigious organization will launch a speedy investigation and bring justice for 22 million people of Sri Lanka.
Thank you so much!