27.8 C
Colombo
Monday, June 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalතමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසි කපුටාත් අද නෑ.. පස්ස පැත්ත දාලා වැටුණා -...

තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසි කපුටාත් අද නෑ.. පස්ස පැත්ත දාලා වැටුණා – විමල් වීරවංශ

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස අදහස් පලකළා.

අපි කවුරුත් ඉතාම කම්පනයට පත්වෙන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ.
මහ පාරවල් වහගෙන මිනිස්සු පාරට බැහැලා.
රටම ඇණහිටලා.
මේ වගේ තත්ත්වයට යාමේ අර්බුදය ඔය පිටිපස්සට වැටිලා ඉන්න නාමල් රාජපක්ෂ ඇතුළු හැමෝගෙම හෘද සාක්ෂිය දන්නවා.
ඔය තිබුණු ඇමති මණ්ඩලය ඇතුලේ මේ අවදානම අපි පෙන්වලා දුන්නා.
තමුන්නාන්සෙලා ගෙනාපු ද්විත්ව පුරවැසියා නොහොත් කපුටා ඒ සියල්ල බැහැර කරලා ආර්ථිකය සුව පහසු තැනකට යනවා කියන එක පෙව්වා.
තමුන්නාන්සේලා කපුටාගේ ක්‍රියාව පිළිඅරගෙන හිටියා.
අද ජ්‍යේෂ්ට කට්ටියට හතර ගාතේ දාලා පස්ස පැත්තෙන් වැටෙන්න සිද්ධවුණා.
තුන්වැනිදා මාවයි ගම්මන්පිලවයි අයින් කළා. බොහොම ස්තූතියි..
මාර්තු 3 අපිව අයින් කළා.
අප්‍රේල් තුන් වැනිදා වෙනකොට පෙරේතයා පොලේ ගැහුවා වගේ අර කපුටත් නෑ..
අපිට පහරදුන්නට අපි ඒ විදිහට පහරදෙන්නේ නැ.
අදවත් කරුණාකරලා යථාර්ථයට හිස නමන්න..
නැත්නම් මහජනයා ප්‍රචණ්ඩත්වය කරා යන එකට වගකීම බාරගන්න.