29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුප්පත් නොවී සිටින්න රුපියල් 6,482ක් ප්‍රමාණවත් - රජයේ දෙපාර්තමේන්තුවක් කියයි

දුප්පත් නොවී සිටින්න රුපියල් 6,482ක් ප්‍රමාණවත් – රජයේ දෙපාර්තමේන්තුවක් කියයි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම නිල දරිද්‍රතා සීමා සටහන දිස්ත්‍රික්ක අනුව නිකුත් කර ඇත.

2022 පෙබරවාරි මාසය සඳහා නිකුත් කර ඇති එම සටහනට අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට දුප්පත් නොවී සිටීම හෙවත් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු. 5,972 ක මුදලක් ප්‍රමාණවත් වනු ඇති බව සඳහන් වේ.‍

මෙම ලේඛනයට අනුව දුප්පත් නොවී සිටීම සඳහා වැඩිම මුදලක් වැය වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයෙකුටයි. එය රු. 6,482 කි.

මෙම සටහනේ අඩුම අගයයක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙනි.

එහි දැක්වෙන ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීමට එක් මාසයක් සඳහා රු. 5,623 ක් ප්‍රමාණවත් වනු ඇත.