29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම අද

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම අද

2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අද (19) සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවාය.

ඊට අදාළව සිදුකරන උත්සව වැඩසටහන් පාසල් මට්ටමින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී ඇති අතර අභියාචනා ලැයිස්තු සම්බන්ධයෙන් ගැටලු පවතින පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව අතිරේක ලේකම්වරිය අවධාරණය කළාය.