26.7 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිල්ලෙයාන්ට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය

පිල්ලෙයාන්ට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී පසුව ස්වාධීන වූ මොහොමඩ් මුෂාරෆ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බතික් හා රෙදිපිළි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

මේ අනුව සමස්ත රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ යන අතර
ඊයේ (18) දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු අවස්ථා තුනකදී දිවුරුම් දුන්නේය.