27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබැසිල්ට මන්ත්‍රී ධුරයත් දමා ගෙදර යන්න වෙයි

බැසිල්ට මන්ත්‍රී ධුරයත් දමා ගෙදර යන්න වෙයි

ඊයේ (18) සවස පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සහමුලින්ම අහෝසි කිරීමට තීරණය කර තිබේ.

මෙම යෝජනාව සඳහා රැස්වීමට පැමිණ සිටි සියලු පක්ෂ නායකයින්ගේ ඒකමතික කැමැත්ත හිමි වූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවසර හිමි වූයේ මෙම විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා වන අතර යම් හෙයකින් මෙම ව්‍යවස්ථා සංශෝධනය සහමුලින් අහෝසි කළහොත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී යනු ඇත.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසකටත් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවදානමක් ඇති බව දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවයි.