29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමහින්දාන්දගේ හීනය බොඳවෙයි

මහින්දාන්දගේ හීනය බොඳවෙයි

ඊයේ (18) පත්කරනු ලැබූ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ දැඩි පරිශ්‍රමයක යෙදුණු බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකදී තමන් මෙතෙක් දැරූ කෘෂිකර්ම ඇමති ධූරය වෙනුවට තමාට විදුලිබල හා බලශක්ති ඇමති ධුර 02ක් ලබාදෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉලා ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී බලශක්ති විෂය පවිත්‍රා වන්නිආරච්චිට ලබා දිය යුතු බව ජනපතිවරයා පැවසීමත් සමඟ මහින්දානන්ද අලුත්ගමගේ තමාට කෘෂිකර්ම අමාත්‍ය ධුරයම හොඳ බව ජනපතිවරයාට ප්‍රකාශ කර ඇත.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ එම විෂය පථයෙහි කිරීමට තවත් වැඩ කොටසක් ඉතිරි වී ඇති බවයි.