― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේක බොර දියේ මාළු බාන්න ඕනෙ අවස්ථාවක් නෙවෙයි - මහින්ද රාජපක්ෂ

මේක බොර දියේ මාළු බාන්න ඕනෙ අවස්ථාවක් නෙවෙයි – මහින්ද රාජපක්ෂ

තව බොහෝ කලක් ජනතාවට පෝලිම්වල සිටීමට ඉඩ නොතබන බවත් දේශපාලන වශයෙන් මෙය බොර දියේ මාළු බෑ යුතු අවස්ථාවක් නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා සියලුදෙනා එක්විය යුතුයි. දේශපාලන වශයෙන් මෙය බොර දියේ මාළු බෑ යුතු අවස්ථාවක් නොවේ. රජයක් ලෙස අපට තිබෙන වග කීමෙන් මිදෙන්න බැහැ. රට ගොඩනගන්න එකතු වෙන්න යැයි විපක්ෂයට කළ ආරාධනය අදටත් වලංගුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

එමෙන්ම මිත්‍ර රටවල් ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටිනවා. කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දිගු කාලීනව මෙවැනි අර්බුදයක් ඇති නොවීමට අඩිතාලමක් දැමිය යුතුයි. විරෝධතාවයට එහා ගිය මැදිහත්වීමක් ඊට අවශ්‍යයි.

විසඳුම් සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. ගාලු මුවදොර අරගලයේ නිරත අයටත් අප සාකච්ඡාවට කැඳවූවා. ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට අප සූදානම් වුණා. ඉදිරි සති කීපය තුළ තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්නට පියවර ගෙන තිබෙන බව ජනපති ප්‍රකාශ කළා. 24 පැයෙන් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව කිව යුතුයි. අප ගන්නා වෑයමට සැමගේ සහාය මෙන්ම ජනතා ආශිර්වාදය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.”