26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කරයි

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ හේතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කරයි

අද (19) උදෑසන සිට රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදුණු පිරිස් එම ස්ථානයේ නතර කර තිබූ ඩීසල් රැගත් බවුසරයක් සහ ත්‍රිරෝද රථයක් ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.

විරෝධතාකරුවන්ගේ මෙම ක්‍රියාව වැළැක්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවත් පසුව ඔවුන් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිසියට වෙඩි තැබීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එම අවස්ථාවේදී තුවාල ලැබූ පුද්ගලයින් කිහිපදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ගල් මුල් ප්‍රහාරවලින් තුවාල ලැබූ පොලිස් නිලධාරින් කිහිපදෙනෙක්ද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.