28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහරාන්ගේ වාහනය මම පැද්දේ නැහැ - සරත් වීරසේකර

සහරාන්ගේ වාහනය මම පැද්දේ නැහැ – සරත් වීරසේකර

තමන් භාවිත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයට අදාළ රථය රාජසන්තක කරන ලද රථයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පැවසීය.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන්ට අයත් රථයක් සරත් වීරසේකර භාවිත කළ බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (19) පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර,

“අද උදේ ඕක මට ආරංචිය අවාම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාගෙන් ඇහුවා. එතුමා කිව්වා මේක රාජසන්තක කරපු වාහනයක්. පොලිසියට දීලා පොලිසිය විසින් මේක විශේෂ කාර්ය බලකායට ඇටෑච් කරලා තියෙන්නේ මට ඇටෑච් කරලා නෑ. මම එක පාවිච්චි කරලත් නෑ. පාවිච්චි කරන්නෙත් නෑ.”