― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිසියේ හරි අපූරු අවම බලය ගැන පොලිස්පති උත්තර දෙයි

පොලිසියේ හරි අපූරු අවම බලය ගැන පොලිස්පති උත්තර දෙයි

රඹුක්කනදී විරෝධතාකරුවන් පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේදී පොලීසියට අවම බලය භාවිත කිරීමට සිදුවූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පැවසීය.

රඹුක්කන විරෝධතාවය අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා මෙසේද කීය.

පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රීරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර, ඉන්ධන බවුසරයක්ද ගිනි තැබීමට උත්සාහ කළා.
ඒ අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය බැටන් ප්‍රහාරයක් සිදුකළා.

එයින් නොනැවතී තවදුරටත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ව මැඩපැවැත්වීම සඳහා පියවර ගත්තා. එහිදී පිරිසක් විසිර ගියත් තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළා. එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ටද බරපතළ තුවාල සිදු වුණා. ඔවුන්ව වටකර පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි
අවම බලය යෙදවීමට පොලීසිය කටයුතු කළා.

එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුවත් ඔවුන් පාලනය වුණේ නෑ. එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් රඹුක්කන බල ප්‍රදේශයට පොලිස් ඇඳිරීනීතිය පැනවීමටත් කටයුතු කළා. මෙහිදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින්ද විමර්ශනයක් සිදු කිරීමට මා විසින් කටයුතු සිදුකරනවා.”