― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරඹුක්කනදී නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම ජාත්‍යන්තරයේ අවධානයට

රඹුක්කනදී නිරායුධ සිවිල් වැසියන්ට පහරදීම ජාත්‍යන්තරයේ අවධානයට

ඊයේ (19) රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණි.

කෙසේනමුත් පොලිස්පතිවරයා අවධාරණය කළේ රඹුක්කනදී ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී, විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලීසිය විසින් අවම බලය භාවිත කරමින් කඳුලු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි.