― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාවට ණය දෙන්න 'ප්‍රමාණවත් සහතිකයක්' අවශ්‍යයි - IMF

ලංකාවට ණය දෙන්න ‘ප්‍රමාණවත් සහතිකයක්’ අවශ්‍යයි – IMF

 ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසර මාවතකට ගෙන යා හැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂිහිරෝ නොසාකි මහතා පවසා ඇත්තේ, අඟහරුවාදා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමග ණය දීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙන ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

නොසාකි මහතා අවධාරණය කර ඇත්තේ, එසේ වුවත් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනතාව, විශේෂයෙන් දුප්පත් ජනතාව සහ අවදානමට ලක්විය හැකි අය විඳින දුෂ්කරතා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.

ක්ෂණික මූල්‍ය පහසුකම් ලබාදීම සලකා බැලීම සඳහා ණය ආපසු ගෙවීමේ ඇති හැකියාව පරීක්ෂාකර බැලීම අවශ්‍ය වනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා අවධාරණය කර තිබේ.