28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක්

ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක්

ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පළ කර ඇති බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය විසින් ලබාදෙන ආධාර ලැබීමට මාස 06ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අදාළ ආධාර කොටස් වශයෙන් ලැබෙනු ඇති අතර එම ආධාර ලැබෙන තෙක් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ආධාර සොයාගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව වෙත හදිසි මානූෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව චීනය පැවසීය. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිත ආයතනය එක්ව අදාළ ආධාර ලබාදීමට තීරණය කර ඇති බවයි.

වත්මන් දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම අධාර ලබාදෙන අතර ලබාදෙන ආධාර පිළිබද තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.