27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical'ගෝඨා ගෝ හෝම්' කියන එක දැන්වත් නවත්තන්න - ගීතා කුමාරසිංහ

‘ගෝඨා ගෝ හෝම්’ කියන එක දැන්වත් නවත්තන්න – ගීතා කුමාරසිංහ

‘ගෝඨා ගෝ හෝම්’ කියන එක වහාම නතර කළ යුතු බව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ පසු ඔහු ගෙදර යන බවත් සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්න යැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය, සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද? ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි ප්‍රශ්න කළේය.

තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්ෆේස් පිටියට පැමිණීම ගැන තමන් කනගාටු වන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දෙස බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බවත් ගීතා කුමාරසිංහ පැවසුවාය.