― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති ඉවත් වුණාට ප්‍රශ්නය විසඳෙන්නෑ - විමල් වීරවංශ

ජනපති ඉවත් වුණාට ප්‍රශ්නය විසඳෙන්නෑ – විමල් වීරවංශ

වත්මන් ජනාධිපතිවරයා ඉවත් කිරීම පලක් නොමැති බවත් කළ යුත්තේ රටට යහපත් වැඩපිළිවෙලකට ඔහු එකඟ කරවා ගැනීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) කොළඹ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

තමන්ට ඕනේ ඉන්ධන, ගෑස් ටික නැතුව වයිරයෙන් පුපුර ඉන්න මනුස්සයව නිවන්නෙ නැතුව මේකට උත්තර හොයන්න බැහැ. පලවෙනිම දේ තමයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්විය යුතුයි. ඒ නිසා විශ්වාසය ඇති කරන්න පුළුවන් නව පාලන තන්ත්‍රයක් පිහිටවන්න ඕනේ. සමහරු කියනවා ගෝඨාභයත් ගෙදර යන්න ඕනේ කියලා. ගෝඨාභය ගෙදර ගියාම කියන්නකො. එතකොට මොකද වෙන්නේ. පාර්ලිමේන්තුවේ ඡන්ද 113ක් තියෙන කෙනෙක් වැඩ බලන ජනාධිපති වෙනවා. අර හැංගිලා ඉන්න බැසිල් රාජපක්ෂ ඇවිත් මට පාර්ලිමේන්තුවේ 113 හදන්න පුළුවන් කිව්වොත් මොකද වෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිහින් තියෙන්නේ බැසිල් රාජපක්ෂට ජනාධිපතිකම දීලා. කපුටාස් කමින් ටු ප්‍රසිඩන්ට් හවුස්.. ඒකද වෙන්න ඕනේ. වෙන කවුරුහරි දෙන්නෙක් 113 හදාගෙන ජනාධිපති වුණා කියන්නකො. නිකමට හිතන්නකො ආයෙත් මයිත්‍රිපාල සිරිසේන ජනාධිපති වුණා කියලා. එතකොට හැමෝටම හිතෙන්න පුළුවන් මටත් ජනාධිඅපති වෙන්න පුළුවන් කියලා. එහෙම හිතලත් දෙකට බෙදිලා පොරකෑවොත් කාටවත් 113 නැත්වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද කරන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ නැහැ. එතකොට වෙන්නෙ තක්කු මුක්කු වෙලා බලන් ඉන්න. දැන් අපි කරන්න ඕනේ ඉන්න ජනාධිපතිවරයාව වැඩපිළිවෙලකට එකඟ කරගෙන, සාමුහුකව සාකච්ඡා කරලා තීරණ ගන්න මණ්ඩලයක් පත්කරලා, රට මේ වැටී තියෙන අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් පාලන තන්ත්‍රයක් පිහිටුවීමයි.