27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටම සෙවූ ඉන්දීය විදේශ ඇමතිගේ ට්විටර් නිවේදනයේ ඇත්ත නැත්ත මෙන්න

රටම සෙවූ ඉන්දීය විදේශ ඇමතිගේ ට්විටර් නිවේදනයේ ඇත්ත නැත්ත මෙන්න

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් විසින් නිකුත් කළ ට්විටර් සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

එම අසත්‍ය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙන්නේ ‘ශ්‍රී ලංකාවේ ජනතාව කැමැති නම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පිළිගැනීමට සූදානම්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෑස්, ඉන්ධන, කිරිපිටි, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම ඉදිරියේදී ඇතිවෙන ගැටලු සඳහා උපකාර කිරිමට ඉන්දියාව පියවර ගන්නවා’ යනුවෙනි.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මේ ට්විටර් සටහන අසත්‍ය එකක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය දුර්වල කිරීමට බංකොලොත් පාර්ශවයක් විසින් ගන්නා මෙවන් ක්‍රියාමාර්ග කිසිදා සාර්ථක නොවනු ඇති බවත් ඔවුන් එම ට්විටර් සටහනෙන් දක්වා තිබේ.

ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ඡායාරූපය යොදා ගනිමින් සැකසූ අසත්‍ය ට්විටර් සටහන පහතින්,