― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා කතානායක අතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා කතානායක අතට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා යෝජනා කිහිපයක් ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ අදාළ සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමු කරන බවයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, සමගි ජන බලවේගය සහ ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා යෝජනා භාරදී තිබේ.