27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආරක්ෂක මණ්ඩල රැස්වීමට ගියේ නැහැ.. වරද මගේ - අගමැති

ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගියේ නැහැ.. වරද මගේ – අගමැති

ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා තිබුණත් තමා එහි නොගිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ වරද සිදුවූයේ තමා අතින් බවත් ඒ රැස්වීමේ තොරතුරු එදිනම සවස් කාලයේදි තමාට ලබා දුන් නිසා එතන කිසිදු ගැටළුවක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහිදී ඇතිවූ සංවාදය පහතින්,

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස:

රඹුක්කන සිද්ධියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වා. නමුත් ඒ රැස්වීමට අගමැති තුමා සහභාගි කරගත්තේ නෑ. ඒක තමයි ඇත්ත. අපි ඉදිරිපත් කරන සංශෝධනය ක්‍රියාත්මක කළානම් මේ වගේ තත්වයක් උදාවන්නේ නැහැ. අගමැතිතුමාට බලය ලැබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග:

අගමැතිතුමා කැඳවලා තිබුණා. නමුත් එතුමට යන්න බැරි වුණා. විපක්ෂ නායකතුමා පුන පුනා කියන්නේ ටොම් පචයක්.

අගමැති මහින්ද රාජපක්ෂ:

නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඔව් මම කැඳෙව්වා. නමුත් මම ගියේ නෑ . ඒ වරද මගේ. ඒත් එතැන තොරතුරු ඔක්කොම මට පස්සේ දැනුම් දුන්නා.