24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටාර් රාජ්‍යයේ ලාංකික රැඳවියන් 20කට නිදහස

කටාර් රාජ්‍යයේ ලාංකික රැඳවියන් 20කට නිදහස

කටාර් රාජ්‍යයේ සේවයේ යෙදි සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඩුවම් විඳිමින් සිටින පුද්ගලයින් රැසකට එරට රජය මගින් රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයෙන් නිදහස ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී අධිකරණය මගින් දඩුවම් ලැබ බන්ධනාගාර ගතවූ ශ්‍රි ලාංකිකයින් 20 දෙනෙකුද එරට රජය මගින් නිදහස් කර තිබෙන අතර සිර දඩුවම්වලට අමතරව මොවුන් විසින් එරට අධිකරණයට ගෙවිය යුතු මූල්‍ය දඩුවම්වලින්ද නිදහස් කොට තිබේ.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයක් වශයෙන් විවිධ රටවල සිරකරුවන් රැසකට මෙම සමාව ලබාදී තිබේ.

රාමසාන් වෙනුවෙන්, මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කටාර් රාජ්‍යයට සිය ප්‍රශංසාව පිරිනමයි.