27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialකුරුසිය කර තබා ගත් ජෙහාන් ගාලු මුවදොරට ළඟාවෙයි

කුරුසිය කර තබා ගත් ජෙහාන් ගාලු මුවදොරට ළඟාවෙයි

සාමකාමි ජනතා අරගලයට විවිධාකාරයේ මුහුණුවර, හැඩතල කලාකරුවන් විසින් එක් කරනු අප පසුගිය කාලය පුරාම දුටුවා. අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් තරුණ කලාකරුවකු වන ජෙහාන් අප්පුහාමි විසින් විශාල කුරුසියක් කර තබාගෙන පාද යාත්‍රාවෙන්ම ගාලු මුවදොරට ගමන් කිරීම ඇරඹූයේ එහි එක් දිගුවක් ලෙසටයි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ගමන් ඇරඹි හෙතෙම කිලෝ තිස්පහකට අධික බරින් යුතු කුරුසියක් කර තබාගෙන මෙම ගමන ආරම්භ කළා. අද දිනය අවසාන වන්නට ඔන්න මෙන්න තබමින් ඔහු මේ වන විට ගාලුමුවදොරට සමීප වී තිබෙනවා. එසේම මේ කාරණාවේදි ජෙහාන් මෙන්ම මතක් කළ යුතු තවත් තරුණ කලාකරුවෙක් සිටිනවා. ඒ කළණ ගුණසේකරයි.

ඔහු මේ වන විට ජෙහාන් පැමිණෙන තෙක් ගාලු මුවදොරට වී අඛණ්ඩ පැය තිස් හයකට අධික සත්‍යග්‍රහයක් සිදු කරමින් සිටිනවා.