28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalජනාධිපතිවරයාට සිතූ පරිදි ගෙදර යන්න බැහැ - හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර

ජනාධිපතිවරයාට සිතූ පරිදි ගෙදර යන්න බැහැ – හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර

අරගලයේ යෙදෙන තරුණ තරුණියන් ‘ගෝඨා ගෝ හෝම්’ යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද යන්න හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු වන එස්. අමරසේකර අදහස් පළ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂට සිතූ ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට නොහැකි බවත් ජනතාව එතුමාට විශාල බලයක් සහ වගකීමක් පවරා තිබීම ඊට හේතුව බවත් හිටපු අගමැති ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගුවන් විදුලි නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

‘ගෝඨා ගෝ හෝම්’ කියා තරුණයින් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වීම ගැන හෝ මන්ත්‍රීවරුන් 225 ඉවත් වීම ගැන නොවන බවත් ඔවුන් කියන්නේ ‘සිස්ටම් එක එපා’ කියන අදහස බවත් හෙතෙම එම වැඩසටහනේදී අවධාරණය කළේය.

එම අදහස තේරුම් ගන්නේ නැතිව අගමැතිවරයා ඉවත් කර විශ්වාසභංග ගෙන ඒම පලක් නොවන බව පෙන්වා දුන් හිටපු ලේකම්වරයා කියා සිටියේ අලුත් අගමැතිවරයෙක් පත් කර ගත්තද එය පිළිගැනීමට තරුණයින් සූදානම් නොමැති බවයි.

අන්තර්වාර පාලනයකින්, මැතිවරණයකින් හෝ රාජපක්ෂලා ඉවත් කර මේ ප්‍රශ්නය විසඳිය හැකි බවට කරන ප්‍රකාශ තමන්ගේ වාසියට සිදුකරන දෙයක් බව ඔහු අවධාරණය කළේය.