ඉකුත් 19 වැනිදා රඹුක්කන පැවති විරෝධතාවේදී පොලිස් වෙඩි පහරකින් මියගිය කේ. ඩී. චමින්ද ලක්ෂාන්ගේ දේහය මීට සුළු මොහොතකට පෙර නිවසට රැගෙනවිත් තිබේ.
චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු හෙට (22) සවස ත්රිවිධ හමුදාවේ ආරක්ෂාව මැද සිදුකිරීමට නියමිතය.
චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසානභූමියේදී අද (22) සිදුකිරීමට නියමිතය.
මෙම දේහය භූමදාන කරන තෙක් එම ප්රදේශයට ත්රිවිධ හමුදාව යොදවා ප්රදේශයේ සාමය අරක්ෂා කර ගැනීමට ත්රිවිධ හමුදාවේ සහය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව කෑගල්ල සහ රඹුක්කන පොලිස් බල ප්රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්රිවිධ හමුදා ආරක්ෂාව දැඩි කොට තිබේ.