24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කප්පාදුව අඛණ්ඩව

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කප්පාදුව අඛණ්ඩව

වර්ෂාව ලැබී විදුලිය නිෂ්පාදනය කරන ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කප්පාදු සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩී.සි.ආර්. අබේසේකර මහතා සඳහන් කළේ, මේ වන විට ජලයෙන් විදුලිය 25% ක් මේ දිනවල නිෂ්පාදනය කරන බවයි.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවෝට් 900 ම ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන බව සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, අනෙකුත් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මේ දින වල ලැබෙමින් පවතින බවයි.

මේ අතර අද දිනයේත් පැය 03 යි විනාඩි 20 ක් විදුලිය කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව A සිට L දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට සහ P සිට W දක්වා කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9 සිට සවස 05 දක්වා පැය 02 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මීට අමතරව සවස 5 සිට රාත්‍රි 9 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය.