― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessඩොලරයේ කළු කඩ මිල රුපියල් 500 ඉක්මවයි

ඩොලරයේ කළු කඩ මිල රුපියල් 500 ඉක්මවයි

කොළඹ පිටකොටුවේ මේ වන විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක ‘කළු කඩ මිල’ රුපියල් පන්සියය ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

බොහෝ කළු කඩ වෙළඳුන් පවා මැසිවිලි නගන්නේ එම අගයන්වලටත් විකිණීමට ඩොලර් සොයා ගැනීමට දැන් අපහසු වී ඇති බවයි. මීට පෙර වෙළඳ නැව්වල කාර්යය මණ්ඩලයවල රැකියාවන්හී නියුතු වෙළඳ නාවිකයන් විසින් තමන්ගේ වැටුප් ලෙස ලැබෙන ඩොලර් තමන්ට ලැබුනද මේ වන විට බහුතරයක් නාවිකයන්ට වේතන ලැබෙන්නේ රුපියල්වලින් බවද ඔහු පැවසීය.

ලංකාවේ තත්වය මත මෙසේ ඔවුන්ගේ වේතන ලැබෙන මුදල් ඒකක වෙනස් වීම නිසා තමන්ට මුදල් ලැබෙන මාර්ගයන් අඩපණ වී ඇති බව ඔවුන් කියා සිටියි. අප විසින් කතාබහ කළ බහුතරයක් වෙළඳුන්ගේ පොදු පිළිතුරක් වූයේ “කීයට වුණත් දෙන්න සල්ලි හොයා ගන්න අපහසු” බවයි.

කළු කඩ කතාව එසේ වුවත් රජයේ ලියා පදිංචි වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව නම් ඩොලරයට හිමි විකුණුම් අඟය රුපියල් 330 – 350 අතර රැඳී පවතී.