27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාස්කු ඉරිදා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දීලා නෙවෙයි - එරාන්...

පාස්කු ඉරිදා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දීලා නෙවෙයි – එරාන් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 වැනිදා එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන රට ගොස් තිබුණේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනට වැඩ බාර දී නොදී බව එරාන් වික්‍රමරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22)පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය සිදු වූ විට තමා හිටපු අගමැතිවරයා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයට ගිය විට රුවන් විජයවර්ධන මේ බව ප්‍රකාශ කළ එරාන් වික්‍රමරත්න මහතා ඇඩිදුරටහ් ප්‍රකාශ කළේ,

මට එක කතාවක් මතක් වෙනවා.පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වූ ගමන්ම මම අරලියගහ මන්දිරයට ගියා. හමුදාවල නායකයන්ට මෙතනට එන්න එපා කියලා තියෙනවා යැයි එවිට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිව්වා.ඒ නිසා අපි ආරක්ෂක අමාත්‍යාංශයට යමු යැයි එතුමා කිව්වා.ඒ අනුව එතුමා සහ අප ආරක්ෂක අමාත්‍යංශයට ගියා.

පාස්කු ඉරිදා මෛත්‍රී රට ගියේ රුවන්ට වැඩ බාර දීලා නෙවෙයි – එරාන් වික්‍රමරත්න

ඊයෙත් ඔය ප්‍රශ්නෙ නේ ඇසුවේ.අලි සබ්රි වොෂින්ටන් වලට ගිහින් තියෙනවා. මේ වැඩේ බාර දී තිබෙන්නේ කාටදැයි ප්‍රශ්න කෙරුණා. කිසිවෙකුටත් වැඩ බාර දී නැහැ. රුවන් විජයවර්ධනටත් එදා වැඩ බාර දෙන්නේ නැතිව මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ ගිහින් තිබෙනවා.

ඊට පසුව අපි ආරක්ෂක කවුන්සිලයට ගියා.මමත් ගියා.ජනාධිපතිවරු මූණ බලලා ආරක්ෂක කවුන්සිලයට එක එක්කෙනාට එන්න කියන බව එහි ගිය විට දැනගත්තා.”