― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපොලිස්පති අද මානව හිමිකම් කොමිසම හමුවට

පොලිස්පති අද මානව හිමිකම් කොමිසම හමුවට

රඹුක්කන නගරයේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද (22) කැඳවා තිබේ.

අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය.

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතය.