27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessමහ බැංකුවෙන් සියලුම බැංකුවලට නියෝගයක්

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

සියලුම ණය උපකරණ හා බැංකු තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලී අනුපාතික සම්බන්ධයෙන් එම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සඳහා ඉහළ සීමාවක් පනවමින් 2020 අගෝස්තු 21 වැනිදා නිකුත් කර තිබූ නියෝගය මෙම නියෝගයත් සමඟ අවලංගු කෙරෙනු ලැබේ.

එනම් උපරිම ණය පොලී සීමා අහෝසි වනු ඇත. ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ වන නව පොලී අනුපාතිකය කොපමණද යන වග මීළඟ බිල් දිනයේ දී දැන ගත හැකිවනු ඇත.මේ අතර බැංකු පද්ධතිය වෙත තැන්පතු ආකර්ශනය කර ගැනීම සඳහා ඒ සඳහා ලබා දෙන පොලී අනුපාතික ප්‍රමාණවත් වන පරිදි ගළපන ලෙසද මහ බැංකුව දැනුම් දී ඇත.