― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවේලුපිල්ලෙයි කනනාදන් හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි

වේලුපිල්ලෙයි කනනාදන් හිරුණිකාගෙන් කෝටි 50ක් ඉල්ලයි

තමාට එරෙහිව සිදුකළ අසත්‍ය චෝදනාවලට රුපියල් කෝටි 50ක වන්දියක් ලබාදෙන ලෙස දන්වමින් කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එන්තරවාසියක් යවා තිබේ.

ඉකුත් අප්‍රේල් 16 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් වේලුපිල්ලෙයි කනනාදන් මෙම එන්තරවාසිය යොමුකර ඇත.

අදාළ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,

‘‘මේ ගුවන් යානයේ අයිතිකාරයා තමයි වේලුපිල්ලෙයි කනනාදන් කියන දෙමළ ජාතික පුද්ගලයා. මොහු උගන්ඩාවේ ඉන්න තානාපති. ඊට කලින් ඔහු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්. මේ ජෙට් යානාව වේලුපිල්ලෙයි කනනාදන් කියන නමට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ එතකොට ගොඩක් කට්ටියගේ කතාවක් තියෙනවා මේ වගේ ජෙට් යානා හතරක් ඔහුට තියෙනවා. මේ දවස්වල ෆේස්බුක් හරහා යනවා ‘සිලෝන් කැෆේ’ කියලා පින්තූර වගයක්. ඒ එකක් පවා මේ පුද්ගලයාට තියෙනවා.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තිබෙන කාලේ එල්.ටී.ටී.ඊ. එකෙන් මුදවාගත්ත රත්‍රන් බඩුවලට මොනවද වුණේ? ඒ රත්තරන් සියලු දේ මේ වේලුපිල්ලෙයි කනනාදන් කියන පුද්ගලයා භාරයේ තමයි තිබ්බේ.

එතකොට ඒ මුදල්වලට මොකද වුණේ?’’ යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි එන්තරවාසිය යොමු කළ ලිපියෙහි සඳහන් වෙයි.

තම සේවාදායකයා වන වේලුපිල්ලෙයි කනනාදන් යන අයට උගන්ඩාවේ කම්පලා පිහිටි සිලෝන් කැෆේ සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඔහු ජෙට් යානා හතරක හිමිකරු බව පැවැසීම අමූලික බොරුවක් බවත් නීතිඥවරුන් එන්තරවාසිය මගින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දැනුම් දී තිබේ.

අදාළ චෝදනා මෙම මස 27 වැනිදාට පෙර ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, එසේ නොවුණහොත් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙසත් දන්වමින් එම එන්තරවාසිය යොමු කර තිබේ.