28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"රඹුක්කන විරෝධතාවට වෙඩි තියන්න අණ දුන් නිලධාරියාගේ නම මැකුවේ ඇයි?" - රනිල්...

“රඹුක්කන විරෝධතාවට වෙඩි තියන්න අණ දුන් නිලධාරියාගේ නම මැකුවේ ඇයි?” – රනිල් වික්‍රමසිංහ

රඹුක්කන විරෝධතාව අතරතුරදී වෙඩි තැබීම සඳහා අණ දුන්නේ කවුරුන් ද යන්න හෙළි කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ඒ සම්බන්ධයෙන් වන B වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එහි සඳහන් කර තිබුණු නම මකා දමා වාර්තාව ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ සිදුවීමේදී වෙඩි තැබීමට අණ ලබා දුන් නිලධාරියා කවුරුන්ද යන්න හෙළි කරන ලෙසය.

තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නෑනේ. B රිපෝට් එක A රිපෝට් එක කළා. ඊට පස්සේ ඹ් රිපෝට් එක දාලා නම මකලා දැම්මා. සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ, ජ්‍යෙෂ්ඨ ම පොලිස් නිලධාරියා. එතකොට B රිපෝට් එකේ එතුමාගේ නම දානවා. එතුමා හේතු කියන්න ඕනේ. කණිෂ්ඨ නිලධාරියෙක් කළා ද? නැත්නම් පිටින් අවා ද? ඉතින් ඇමතිතුමා කවුද දුන්නේ කියලා ඉවර කරන්නකෝ…