30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැතිට ගෙදර යන්න සතියක් කල් දෙනවා - උදය ගම්මන්පිල

අගමැතිට ගෙදර යන්න සතියක් කල් දෙනවා – උදය ගම්මන්පිල

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120කගේ සහය ඇති බවයි.

සජබය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේදී අපි කිව්වා 113 හදාගන්නෙ නැතුව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් එයින් සිදුවන්නේ විශ්වාසභංගත්වය කෙසේවෙතත් ආණ්ඩුවට විශ්වාසය පළකරන යෝජනාවක් බවට එය පත්වෙනවා කියලයි. ඔන්න දැන් නම් 113 වෙනුවට 120ක්ම අපිට ඉන්නවා. ආණ්ඩුව ඉවත්වෙන්නේ නැත්නම් අනිවාරෙන්ම මේ සතිය ඇතුලත විශ්වාසභංග යෝජනාව බාරදෙනවා.