28 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි

පවතින ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමට හා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල ගුණවර්ධන මහතා විසින් අදාළ ලිපිය මහ නා හිමිවරුන් වෙත පිළිගන්වා ඇති බව වාර්තා වේ.

එම ලිපිය ඊයේ (24) මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වූ බව මහාචාර්යය කපිල ගුණවර්ධන සඳහන් කළේය.

පසුගිය 4 වැනිදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් රටේ පවතින තත්ත්වය සම්බධයෙන් සහ ඒ සඳහා වු යෝජනාවලියක් ඇතුළත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර තිබුණි.