― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalකතානායකට එරෙහිවත් විශ්වාසභංගයක්?

කතානායකට එරෙහිවත් විශ්වාසභංගයක්?

ජනතා ඉල්ලීම්වලට කන් නොදී ආණ්ඩුවට පමණක් සවන් දී කටයුතු කරන්නේ නම් ඉදිරියේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සූදානම් වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී කතානායකවරයා පක්ෂාග්‍රාහීව කටයුතු කරන බවට චෝදනා එල්ල කරමින් පසුගිය කාල සීමාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී චෝදනා එල්ල කරනු ලැබීය.

මේ අතර රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා මේ මස අවසානයේදී නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ එයට විපක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරනු ලබන ඉම්තියාස් බාකීර් මාකර්ගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂවල අවදානය යොමු වී ඇත.

මේ අතර ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහය ලැබෙනු ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

ඉදිරි සති දෙකක කාලය දේශපාලනමය වශයෙන් ඉතා උණුසුම් තත්ත්වයක් ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියි. මේ වනවිටත් පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සිය ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා වට රැසක් පවත්වමින් සිටින බව දේශපාලන ආරංචි වැඩිදුරටත් පවසයි.