29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකම්කරු කොංග්‍රසය ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙයි

කම්කරු කොංග්‍රසය ආණ්ඩුවට එරෙහිව ඡන්දය දෙයි

වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ ලංකා කම්කරු කොංග්‍රසය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර වත්මන් රජයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සාමූහිකව තීරණයක් ගෙන ඇති බවයි.

සිය පක්ෂය විසින් ගනු ලැබූ එම තීරණය ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සහ ස්වාධීන පක්ෂ නායකයින්ට දන්වා ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.