27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ගත් ඉන්ධනවල වටිනාකම ඩොලර් මිලියන 390ක්

චීනයෙන් ගත් ඉන්ධනවල වටිනාකම ඩොලර් මිලියන 390ක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට ඉන්ධන සපයා ඇති බව අද (25) අනාවරණය විණි.

කොළඹ චීන තානාපති කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී චීන තානාපති Qi Zhenhong ඒ බව සඳහන් කර සිටියේය. පසුගිය වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකාව චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලබාගෙන ඇති අතර ඉන් මෙතෙක් මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 07ක් සඳහා පමණයි.

චීනයෙන් ලබා ගත් ඉන්ධන තොග 12ක් සඳහා මුදල් ගෙවීමට නියමිතව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 390ක් ගෙවිය යුතු බව චීන තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියේය.