26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හා අගමැති වහාම ඉවත් විය යුතුයි - AMS

ජනපති හා අගමැති වහාම ඉවත් විය යුතුයි – AMS

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහාම එම ධූරවලින් ඉවත් විය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත් වූ පසු ශ්‍රී ලංකාවේ මහ ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් ස්ථාපනය කළ යුතු බව එම සංගමය පවසයි.

අදාළ නිවේදනය නිකුත් කරමින් එම සංගමය පැවසුවේ ඊයේ (24) පැවති වාර්ෂික මහා සම්මේලනයේදී මෙම සම්මුතියට එළඹුණු බවයි.