26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදීප ව්‍යාප්ත ගුරු - විදුහල්පති වර්ජනයක්

දීප ව්‍යාප්ත ගුරු – විදුහල්පති වර්ජනයක්

රට තුළ මතුව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදයට ඉක්මන් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (25) වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට නියමිතය.

පවතින තත්ත්වය හමුවේ පාසල් වෙත පැමිණීමේදී ආර්ථික සහ ප්‍රවාහන ගැටලු රැසකට පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති බව ඔවුන් පවසයි.
එම තත්ත්වයට විසඳුමක් ලෙස පාසල් දරුවන්ගේ නිවසට ආසන්නයෙන්ම ඇති පාසලෙන් ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමටත් / ගුරුවරුන්ද තම පදිංචි ස්ථානයට ආසන්නයෙන් ඇති පාසල් වෙත අනුයුක්ත කරන ලෙසටත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතත් එයද බළධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

අද ක්‍රියාත්මක වැඩවර්ජනයට ගුරු – විදුහල්පති සියලු දෙනාට එක්වන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීමක් කරයි.