25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදෝෂාභියෝගය අති බහුතරයකින් ජයගන්නා ලකුණු..

දෝෂාභියෝගය අති බහුතරයකින් ජයගන්නා ලකුණු..

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව මේ මොහොත වන විට මන්ත්‍රීවරුන් 120කට ආසන්න පිරිසකගේ සහයෝගයක් ලැබී ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයකු සඳහන් කර සිටින්නේ අද (25) එම ගණන තවත් ඉහළ යනු ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ආණ්ඩුවට සහයෝගය ලබාදෙන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලේඛනයක්ද ආණ්ඩු පක්ශයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් සකස් කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා මේ වන විට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රිවරුන් 67ක් පමණක් වන අතර මේ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 අතරින් 187කගේ පාර්ශවීයභාවය තහවුරු වී තිබේ.

මේ නිසා ඉතිරි මන්ත්‍රීවරුන් 38 දෙනාගේ පාර්ශවීයභාවය ‍යම් තරමකට පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට බලපානු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.