― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමාර්ග බාධකවලට උල් ඇණ සවිකිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය

මාර්ග බාධකවලට උල් ඇණ සවිකිරීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය

ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අඛණ්ඩව දින 17ක් පුරා මේ වනවිටත් පැවැත්වේ.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන මෙම විරෝධතාවයට ඊයේ (24) පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ද එක්විය.

අන්තර් විශ්වවිද්‍යාල සිසුන් ඊයේ කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කළ අතර පසුව ඔවුන් ගලුමොවදොර විරෝධතාවයටද එක් විය.

විරෝධතාකරුවන්ට තුවාල විය හැකි පරිදි ඇතැම් මාර්ග බාධකවල උල් ඇණ සවි කොට ඒවා නොපෙනෙන ලෙස සඟවා තබා ඇති අයුරු දැක ගන්නට ලැබුණු අතර මේ උල් ඇණ අගල් ගණනාවක් දිග ඒවා වූ අතර එහි ගැටෙන ඕනෑම අයෙකුට ඒ මගින් මාරාන්තික තුවාල සිදු විය හැකිය.

කොළඹ අවට ඇතැම් මාර්ග බාධක උල් ඇණ වැනි යමක් සවි කොට කළු ඉටිකොළවලින් සවි කොට තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදු විය හැකි තත්වයක් මතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.

පොලිස්පති, පොලිසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්වයකදී ක්‍රියා කළ යුත්තේ විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීම පිණිස බව නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි.

යම්කිසි හේතුවකින් ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කුමන පාර්ශවයකින් හෝ සිදුවන කුමන ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් රටට අහිතකර සහ බරපතළ ප්‍රතිඵල නිර්මාණය කරනු ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

” The Bar Association of Sri Lanka (BASL) notes the escalation of the situation in the vicinity of the protest at Galle Face today as a result of the heavy presence of police personnel and the barricading of some of the roads leading to Galle Face where even pedestrians have been prevented from travelling . The attention of the BASL has been drawn by its members and by the public, that certain barricades have been fitted with spikes and covered with black material and that these barricades may well cause serious injuries to persons. We once again call upon the Government, the Inspector General of Police and all police officers and the armed forces to act with utmost restraint in all circumstances. They are duty bound to ensure the safety of the protesters and the public and the right of the people to dissent in a peaceful manner and also the freedom of movement of the citizen . Any violence whatsoever from whatever quarter will have serious repercussions for the country.

Signed by

Isuru Balapatabendi
Secretary BASL

Saliya Pieris PC
President BASL”