― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලොව වයස්ගතම කාන්තාව මිය යයි

ලොව වයස්ගතම කාන්තාව මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන වයස අවුරුදු 119ක් වූ ජපන් ජාතික කේන් ටනාකා නැමැති කාන්තාව අභාවප්‍රාප්ත වී තිබි.

අප්‍රේල් 19 වැනිදා ඇය අභාවප්‍රාප්ත වී ඇති අතර කේන් ටනාකා 1903 වර්ෂයේ ජනවාරි 02 වැනිදා ජපානයේ නිරිතදිග ෆුකෝකා ප්‍රදේශයේ උපත ලැබීය. එම වසරේම රයිට් සහෝදරයන් ප්‍රථම වරට පියාසර කළ අතර මාරි කියුරි නොබෙල් ත්‍යාගයක් දිනූ පළමු කාන්තාව බවට පත්විය.

ටනාකා, මෑතක් වන තුරුම සාපේක්ෂ වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටි අතර වැඩිහිටි නිවාසයක ජීවත් වූ අතර එහිදී ඇය බෝඩ් ක්‍රීඩා, ගණිත ගැටලු විසඳීම මෙන්ම සෝඩා සහ චොකලට් රස බැලූ බව සදහන්වේ.

ටනාකා ඇගේ තරුණ වියේදී නූඩ්ල්ස් සාප්පුවක් සහ සහල් කේක් වෙළෙඳසැලක් ඇතුළු විවිධ ව්‍යාපාර පවත්වාගෙන ගියාය. ඇය සියවසකට පෙර 1922 දී හිදෙඕ ටනාකා සමඟ විවාහ වූ අතර, දරුවන් හතර දෙනෙකු බිහි කර පස්වැන්නා දරුකමට හදා ගෙන ඇත.

2021 දී ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා පන්දම රැගෙන යාම සඳහා සහභාගී වීමට ඇය රෝද පුටුවක් භාවිතා කිරීමට සැලසුම් කර ඇතත්, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය අවලංගු කෙරුණි.