28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිසඳුම් නොලැබුණොත් පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවතට

විසඳුම් නොලැබුණොත් පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවතට

බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැති වීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ටයර්, බැටරි, බ්‍රේක් ලයිනර් ඇතුළු බස් රථ අමතර කොටස් නොමැතිවීමෙන් බස් රථ විශාල ප්‍රමාණයක් මේ වනවිට ධාවනයෙන් ඉවත්ව ඇති බවත් මෙම තත්වයට වහාම විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ලබන සතියේ සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් ඔහු එහිදී අවධාරණය කළේය.