27.8 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ලෝකයෙන්ම තුන්වැනි තැනට පත්වෙයි

ශ්‍රී ලංකාව ලෝකයෙන්ම තුන්වැනි තැනට පත්වෙයි

හෑන්ක් උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලොව තුන්වන තැනට පත්ව තිබේ.

සිම්බාබ්වේ රාජ්‍යය සහ ලෙබනනය ශ්‍රී ලංකාවට ඉහළින් පළවෙනි ස්ථානය සහ දෙවැනි ස්ථානය ගෙන ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව එම දර්ශකයේ 06 වැනි ස්ථානයේ රැඳී සිටි අතර මේ වනවිට එම ස්ථානයෙන් තවත් ස්ථාන 03ක් ඉදිරියට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට 119% උද්ධමන වේගයක්ද ලඟා කරගෙන ඇති අතර තවත් රටවල් දෙකක් පමණක් පසු කළ පසු ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීමට හැකියාව ලබෙනු ඇත.