28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල යළි ඉහළට..?

සිමෙන්ති මිල යළි ඉහළට..?

සිමෙන්ති කොට්ටයක මිල මෙම සතිය තුළදී තවත් රුපියල් 400කින් පමණ ඉහළ දැමීමට සිමෙන්ති ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ට පාඩමක් ඉගැන්වීම සඳහා තමන්ගේ සියලුම ඉදිකිරීම් කටයුතු මාස තුනක කාලයක් සඳහා නවතා දමන ලෙස තමා මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.

සිමෙන්ති කොට්ටයක් තබා ගත හැකි උපරිම කාලය දින 25ක් පමණක් වන අතර තමා ප්‍රකාශ කළ ආකාරයට මාස තුනක කාලයක් සඳහා ඉදිකිරීම් කටයුතු නවතා දැමුවහොත් එම සිමෙන්ති ගාලු මුව‍ෙදාර ආශ්‍රිතව ඉදිකෙරෙන ව්‍යාපෘතියේ මුහුදට දැමීමට ඔවුන්ට සිදුවන බව ඔහු අවධාරණය කළේය.

ඔහු පවසන්නේ ජනතාවට ජීවත්වීමට නොහැකි තරම් ආර්ථික අපහසුතාවලින් පෙළෙන අවස්ථාවක මේ ආකාරයට සිමෙන්ති මිල ඉහළ දැමීමට පියවර ගැනීම ජනතාවට සිදු කරන අසාධාරණයක් බවයි.