ප්රංශ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් ජයගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි වසර 05 සඳහාද එරට ජනාධිපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇති.
ඊයේ පැවති ජනාධිපතිවරණයේදී සියයට 58.55 ක ඡන්ද ප්රතිශතයක් මැක්රෝන් විසින් දිනාගත් අතර ප්රතිවාදී අපේක්ෂිකා මරීන් ලී පෙන්ට හිමිවූයේ සියයයට 41.45 ක් පමණයි.